හිටපු කොටි සාමාජිකයන් පුබුදුවන්න ඩයස්පෝරාව දැඩි වෑයමක


 ආරක්ෂක ලේකම් මේජර් ජනරාල්  කමල් ගුණරත්න  

(දයාසීලි ලියනගේ)  

අන්තර් ජාතික දෙමළ ඩයස්පෝරාවේ ඇතැම් අය පරණ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළි පුබුදුවා ගැනීමට උත්සාහ දරමින් සිටියත් අපේ බුද්ධි අංශ ඉතා ශක්තිමත් නිසා එම කටයුතු පාලනය කර තිබෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කීය.  

බෙදුම්වාදය කියන මතයේ සිටින ඇතැම් පිරිස් අදටත් එක එක ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රකාශ කළ ආරක්ෂක ලේකම්වරයා ඊළාම් රාජ්‍යයක් සඳහා යැයි කියමින් අහිංසක ජනතාවගෙන් මුදල් එකතු කර ඉන් කොටසක් මෙරටට එවනු ලබන්නේ නැවත වතාවක් ක්‍රියාකාරකම් ආරම්භ කිරීමට බව ද කීය.  


 මේ ජාලය සම්පූර්ණයෙන්ම හඳුනාගෙන තිබෙන අතර යළි එල්.ටී.ටී.ඊ. යට හිස එසවීමට කිසිසේත් ඉඩක් නොදෙන බවට රටේ ජනතාවට සහතිකයක් දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.