හිටපු මහ ඇමැති පස්දෙනෙක් මහ ඡන්දයට


(අජන්ත කුමාර අගලකඩ)  

හිටපු පළාත් මහ ඇමැතිවරුන් පස් දෙනකු ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  

ඒ අනුව මධ්‍යම පළාත් හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා මහනුවර දිස්ත්‍රික්කයෙන් ද දකුණු පළාත් හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද උතුරුමැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද ඌව පළාත් හිටපු මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ද වයඹ පළාත් හිටපු මහ ඇමැති ධර්මසිරි දසනායක මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද මහ මැතිවරණයට තරග කරනු ඇතැයි එම ආරංචිමාර්ග කියයි.  
මෙම හිටපු මහ ඇමැතිවරුන් පස් දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර ඔවුන් ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ පුටුව ලකුණින් මහ මැතිවරණයට තරග කරනු ඇති බව පැවසේ.