හැටන් දික්ඔය රෝහල විවෘත කිරීම අගමැති මෝදි අතින්


 

(අජන්ත කුමාර අගලකඩ) 
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රන් මෝදි මහතා එදින දහවල් හැටන් දික්ඔය රෝහල විවෘත කිරීම සඳහා  සහභාගි වීමට නියමිතය.


මධ්‍යම පළාත් සභාව යටතේ පවතින හැටන් දික්ඔය රෝහල ඉන්දීය රජයේ ප්‍රදානය මත අංග සම්පූර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කර ඇත.


ලබන මස 12 වැනිදා වෙසක් දින උළෙලට  සහභාගිවීම සඳහා එදින උදේ මෙරටට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එදින දහවල් හැටන් දික්ඔය රෝහල විවෘත කිරීමට ගොස් අනතුරුව එදින සවස මහනුවර ශ්‍රී දළදා  මාලිගාව වැඳපුදා ගැනීමට ද සහභාගිවනු ඇත. 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එදින පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.