හානි පූරණ පනතින් වාසි එල්ටීටීඊයටයි


මන්ත්‍රී සිසිර ජයකොඩි 

(දයාසීලි ලියනගේ) 

සීමාවන් හා අර්ථ දැක්වීම් සිදුකර නැති නිසා පසුගියද‌ා පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද හානිපූරණ කිරීමේ කාර්යාල පනත යටතේ එල්ටීටීඊ සංවිධානයට අවශ්‍ය ස්මාරක ඉදිකිරීමට හා අනුස්මරණ උත්සව පැවැත්වීම සඳහා රජයට මුදල් වැය කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ. 

හානි පූරණ අයිතීන් පිළිගැනීම යටතේ මින් ඉදිරියට එල්ටීටීඊ සංවිධානයට අද‌ාළ කටයුතුවලට මැදිහත් වීමට රජයට බලය ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ​ෙය් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය. 


වසර 30 ක පමණ කාලයක් මේ රට විනාශයට පත් කළ දරුණු ත්‍රස්තවාදීන් සැමරීම සඳහා රජයේ අනුග්‍රහය සහාය දැක්වීම මේ රටේ ජනතාවට කරනු ලබන බලවත් අපහාසයක් බව ද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.