සූර්ය බලශක්ති විදුලිය නිපැයුම විධිමත් කිරීමට ඇමැති නියෝග


(දයාසිලි ලියනගේ)   

සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ වහාම විධිමත් කරන ලෙස විදුලිබල සහ බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විදුලිබල මණ්ඩලයට තරයේ උපදෙස් දී ඇත. 

විදුලියබල අමාත්‍යාංශයේ හා විදුලිය බල මණ්ඩලයේ සියලු නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ උපදෙස් දී ඇත. පසුගිය වසර 4 ක කාලය පුරා සූර්ය බලශක්තියෙන් විදුලිය නිපදවීමේ වැඩ කටයුතු අඩාළ කිරීම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසට ඇමැතිවරයා මෙහිදී නියම කර ඇත. 
විදුලිය මාෆියාවක් පවතින බවට ජනතාව කරනු ලබන චෝදනා කෙරෙහි අවධානය යොමු කර ඇති ඇමැතිවරයා පුද්ගලික අංශවලින් විදුලිය මිලදී ගැනීම් සඳහා අති විශාල මුදලක් වියදම් කරනවා වෙනුවට සූර්ය බලශක්තිය වර්ධනය කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙසටද නියම කර ඇත.