සුළු පක්ෂ නායකයෙක් රහස් කතාබහක


(දයාසීලි ලියනගේ)
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සුළු පක්ෂයක නායකයෙක් පසුගිය සිකුරාදා ප්‍රධාන පෙළේ පක්ෂයක ජ්‍යෙෂ්ඨයෙක් හමුවී රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.


 එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ මෙම දේශපාලනඥයා මෙම සාකච්ඡාවේදී කිසියම් එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන් වේ.


සාකච්ඡාවට සම්බන්ධ වූ පක්ෂයට හා එහි නායකයාට පහර ගැසීමෙන් වැළකී සිටිය යුතු බව එක් කොන්දේසියක් වී තිබෙන බවද දැනගන්නට ඇත. 


සන්ධානයේ පවත්නා මතභේද දුර දිග ගියොත් තනි පක්ෂයක් වශයෙන් තනිවීම වළක්වා ගෙන එක්සත් ජාතික පෙරමුණු රජයට එක්වීම මෙම සාකච්ඡාවේ සුළු පක්ෂ නායකයාගේ අරමුණ වී ඇති බව වාර්තා වේ.