සුපිරි වෙළෙඳසල් රැසකට බාර්ලයිසන් 70 ක් දීලා


(දයාසීලි ලියනගේ)  

කොරෝනා පැතිරෙමින් පවතින කාලය තුළ සුපිරි වෙළෙඳසැල් ගණනාවක් සඳහා බාර් ලයිසන් 70 කට ආසන්න ප්‍රමාණයක් ලබා දී තිබෙන බව වාර්තා වේ.  

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පසුගියද‌ා පැවැත් වූ සමුළුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත.  
මත්පැන් හා සිගරැට් පාවිච්චි කරන පුද්ගලයන්ට කොරෝනා රෝගය ඇතිවීම බලවත් අවද‌ානමක් බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකර තිබියදීත් මෙම බලපත්‍ර නිකුත් කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බව වෛද්‍ය පාදෙණිය මහතා ‘‘ඉරිද‌ා ලංකාදීප’’යට කීය.  


විශේෂයෙන් පාසල්, පූජනීය ස්ථාන අසල මත්පැන් අළෙවි කිරීම තහනම් කර ඇතත් ඒ ආසන්නව ඇති සුපිරි වෙ​ෙළඳ සැල්වල මත්පැන් අලෙවි සැල් පවතින බව ද ඔහු කීය.