සුපිරි වෙළෙඳ සැල් ජාලයෙන් සිලිබෑග් බ්ලියනයක් පරිසරයට


(දයාසීලි ලියනගේ)  

සුපිරි වෙළෙඳසැල්වලින් වසරකට සිලි බෑග් බිලියනයක පමණ ප්‍රමාණයක් නිකුත් කරන බව අනාවරණය වී ඇත.  

එක් වෙළෙඳ භාණ්ඩයකට එක් සිලි බෑගය බැගින් ලබා ගැනීමට පාරිභෝගිකයන් පෙළඹී සිටින නිසා මේ තරම් බෑග් ප්‍රමාණයක් වසරකට නිකුත් කිරීමට සිදුවී ඇති බව සුපිරි වෙළෙඳසල් හිමියන් පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී පෙන්වා දී ඇත.  


පොලිතින් භාවිතය අවම කිරීම සඳහා එක් බෑගයකට රුපියලක මිලක් අය කිරීමට අනුමැතිය ඉල්ලා ඇති ඔවුන් එම මුදල පරිසර අරමුදලට බැර කරන බවද ප්‍රකාශ කර ඇත.  


මෙම යෝජනාව පිළිබඳව පසුව සලකා බලන බව ප්‍රකාශ කර ඇති ඇමැතිවරයා සිලි බෑග් භාවිතය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දී ඇත.