සීල් තැබූ ආයතනයේ හිඟ බදු ලක්ෂ 4445ක් හදිසියේ ගෙවලා


(දයාසීලි ලියනගේ) 
මහත් ආන්දෝලනයකට ලක්වී සිටින පුද්ගලයකුට අයත් නිෂ්පාදන ආයතනයක් වෙනුවෙන් නෙගෙවූ බදු මුදල වූ රුපියල් ලක්ෂ 4445ක මුදලක් පසුගිය බද‌ාද‌ා රජයට ගෙවා ඇති බව වාර්තා වේ. 

හිඟ බදු නොගෙවීම නිසා පසුගිය මාස 3ක කාලයක් තිස්සේ මෙම ආයතනයේ නිෂ්පාදන අත්හිටුවා සීල් තබා තිබුණි. 


මෙම කාලය තුළ ආයතනයේ සේවකයන් 250ක පමණ පිරිසක් සඳහා මූලික වැටුප පමණක් ගෙවා ඇත. කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ 100ක පමණ පිරිසකට කිසිදු දීමනාවක් ලබාදී නැති බව කියති. 


ආයතනයේ හිඟ බදු මුදල් ගෙවා ඇතත් ආයතනය යළි විවෘත කිරීම පිළිබඳව මෙතෙක් අනුමැතිය ලබාදී නැති බව දැනගන්නට ඇත. 
ආයතනයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමට සූද‌ානමක් ඇති බව දැනගන්නට ඇත.