සිවාජිලිංගම් උසාවි යයි


 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
එල්ටීටීඊ සිරකරුවන්ගේ නඩු කටයුතු අනුරාධපුර මහධිකරණයේ සිට නැවත වව්නියාව මහධිකරණය වෙත මාරු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරේ. වසර 4ක් පුරා ඔවුන්ගේ නඩු කටයුතු විභාග කෙරුණේ වව්නියාව මහධිකරණයේදීය.  


සාක්ෂිකරුවන්ට එල්ල වී ඇති මරණ තර්ජන හේතුවෙන් මෙම නඩු විභාග කිරීම අනුරාධපුර මහධිකරණය වෙත මාරු කෙරිණ.  


මෙහිදී බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් තුන්දෙනා දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් නඩු විමසීමේ දී භාෂා ප්‍රශ්නය මතු වී ඇති බවත් කරුණු පෙන්වා දී අභියාචනාධිකරණය හමුවේ පසුගියදා නඩුවක් ගොනු කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවැසීය.