සිමෙන්ති සීයකින් වැඩි කරන්න ඉල්ලයි


(මහින්ද නිශ්ශංක) 

ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් කිලෝ 50 ප්‍රමාණයේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් වැඩි කර ගැනීම සඳහා සිමෙන්ති සමාගම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටීමට සූදානම් වන බව වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ. 

විශේෂයෙන් ඩොලරයේ අගය වැඩිවීමත් සමග සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් සිමෙන්ති නිෂ්‍පාදනයේදී අධික පාඩු ලැබීමට සිදුව ඇතැයි පවසන සිමෙන්ති සමාගම් මේ අනුව සිමෙන්ති මිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම අවශ්‍යව ඇතැයි ද කියා සිටී. 


දැනට කිලෝ 50 සිමෙන්ති බෑගයක සිල්ලර මිල රුපියල් 995ක් වන අතර අවසන් වරට සිමෙන්ති මිල වැඩිවීමක් සිදුව ඇත්තේ ඉකුත් ඔක්තෝබර් මාසයේදීය. 


අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස සැලකෙන සිමෙන්ති සඳහා මිල වැඩි කිරීමකට යාමේදී පාරිභෝගික අධිකාරියේ අවසරය අනිවාර්යයෙන්ම ලබාගත යුතුය.