සිංහරාජය රකින්න එජාපයෙන් උද්ඝෝෂණයක්


(දයාසීලි ලියනගේ)   

ලෝක උරුමයක් වූ සිංහරාජය ආරක්ෂා කර ගැනීමට මැදිහත් වෙන ලෙස ඉල්ලා කොළඹ බෞද්ධා ලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට දී අනිද්දා (6) උද්ඝෝෂණයක් පවත්වා එම කාර්යාලයට පෙත්සමක් බාරදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.  

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ලක්වනිතා ව්‍යාපාරයේ සභාපතිනි ශාන්තිනි කෝංගහගේ මහත්මිය ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට සහභාගි වෙති.   


ලෝක උරුමයක් වූ සිංහරාජය විනාශ කරමින් මාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීම නිසා සිංහරාජය විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇති නිසා එම විනාශය නතර කිරීමට මැදිහත් වෙන ලෙසට ඉල්ලා එක්සත් ජාතීන්ගේ මූලස්ථාන කාර්යාලයට පෙන්සමක් බාර දෙන බව ශාන්තිනි කෝංගහගේ මහත්මිය කීවාය.   
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම පෙත්සම බාරදීමට නියමිතය.