ස්මාට් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම ඇරඹෙයි


(ජයන්ත සමරකෝන්)  
දශක 4කට ආසන්න කාලයක් තිස්සේ පැවති ජාතික හැඳුනුම්පත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්, ඇඟිලි ‘සලකුණ සහිත නව ස්මාර්ට් ජාතික හැඳුනුම්පත’ පෙරේදා (27) සිට නිකුත් කෙරේ.  

වාර්ෂිකව අලුතින්ම නිකුත් කරනුයේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පාසල් සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පමණක් බවද එම සංඛ්‍යාව ලක්ෂ 3ක් ඉක්මවන බවද දෙපාර්තමේන්තුව පවසයි.  


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලැබෙන අයැදුම්පත් අතරින් වැඩිම සංඛ්‍යාව නැති වූ හෝ අස්ථානගතවීම් සඳහා වෙන ඒවා සඳහා බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වාර්ෂිකව ජාතික හැඳුනුම්පත් ලක්ෂ 10ක් නිකුත් කරනු ලැබූවද, ඉන් ලක්ෂ 7ක්ම නැති වූ ඒවා වෙනුවෙන් හා තොරතුරු වෙනස් කිරීම් බව හෙළි වී තිබේ.