සරණාගතයන් ලෙස දහදාහක් බුරුමයෙන් පාකිස්ථානයෙන් ඇවිත්


රාවණා සංවිධානයේ මහ ලේකම්  
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි  

(දයාසීලි ලියනගේ)  

සරණාගතයන් වශයෙන් මෙරටට පැමිණෙන මුස්ලිම් ජාතිකයන් අතර ත්‍රස්තවාදීන් ද සිටිය හැකි බව රාවණා සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.  

මේ වෙන විට සරණාගතයන් වශයෙන් බුරුමයෙන් හා පකිස්ථානයෙන් 10,000කට අධික පිරිසක් මෙරටට පැමිණ සිටින අතර ඔවුන් පිළිබඳව බුද්ධි අංශ කිසිම සොයා බැලීමක් කර නැති බවද උන්වහන්සේ කීහ.  


‘‘අපිට ජාතිවාදීන් කියල දොස් කිව්වා. අපිට ජාතිවාදයක් නැහැ. අපි කතා කරන්නෙ ඇත්ත. සරණාගතයන් කියල ඕනෑම අයකුට අපේ රටට එන්න පුළුවන්. මේ අය ගැන තොරතුරු අපේ රටේ නැහැ. තොරතුරු සෙවීමේ වැඩපිළිවෙලකුත් නැහැ. කිසිම කෙනෙක් මේව ගැන වගකීමක් ගත්තෙත් නැහැ. මේක බොහෝ බරපතළ ප්‍රශ්නයක්’’.  


මේ ආපු අය මොනවා කරනවද කවුද දන්නෙ? සිරියාවෙන් එන අය තමන් අත්විඳපු භයානක අත්දැකීම්වලින් මේ රටේ මුස්ලිම් ජාතිකයන් ප්‍රකෝප කරවිය හැකියි. උදාහරණයක් ගත්තොත් දකුණේ වෙසෙන සිංහල ජනතාවට වඩා උතුරේ සිංහල ජනතාවට පීඩාව වැඩියි. මේ එන අයට තමන්ගෙ පීඩාව කියල අනෙක් අයගෙ මතය වෙනස් කරන්න පුළුවන්. බුද්ධි අංශවල වැඩ කටයුතු අඩපණ වෙමින් පවතින වේලාවක මේ රටේ මොනවා කළ නොහැකිද?  


මේ රටේ ඉන්න ජනතාවට හරියාකාරව කන්න බොන්න නැහැ. ජීවත් වෙන්න විධියක් නැහැ. දුප්පත් කම ඉහවහ ගිහින්. එවැනි තත්ත්වයක් තියෙද්දී තව අනාථයෝ රකින්නේ කොහොමද?  


ජලයේ ගිලෙන්න යන මිනිහ ඔරුකාරයෙක් දැක්කම එල්ලෙනවා. ගොඩට ගෙනියන්න සල්ලි ඕන කිව්වම කැමති වෙනවා. ඒවගේ තමයි මොකක හරි එල්ලෙන්න බලා ගෙන ඉන්න පිරිස් ඉන්නවා.  


මේ සරණාගතයන් අපේ වැනි රටකට ඔරොත්තු දෙන්නෙ නැහැ. මොන විනාශයක් කරන්න ආවද කවුද දන්නෙ?