සමෘද්ධි නිලධාරීන් ඡන්ද වැඩ කළොත් රස්සාවෙන් දොට්ට


(අජන්ත කුමාර අගලකඩ) 
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන කටයුතුවල නිරත වන්නේ නම්, ඔවුන්ගේ සේවය තහනම් කරන බව සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති එස්.බී. දිසානායක මහතා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත. 

සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දේශපාලන කටයුතුවල යෙදෙන්නේ නම්, ඒ බව ඔප්පු කළ හැකි සාධක ද තමාට ලබා දෙන්නැයි ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. 


ඇමැති දිසානායක මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පෝලිමේ ගොස් පොහොට්ටුවට වැඩ කරන බවට අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය කැබිනට් රැස්වීමේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.