සමාජයෙන් රෝගීන් නැතත් අවදානම පහව ගොස් නෑ


විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

සමාජයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුවද සම්පූර්ණයෙන්ම කොරෝනා අවදානම පහව ගොස් නැතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.  

රෝගීන් වාර්තා නොවුවද පී.සී.ආර්. පරීක්ෂණ දිගින් දිගටම සිදුකරන බවද ඇය ප්‍රකාශ කළේය.  


වෙළෙඳ පොළ, පොදු ප්‍රවාහන සේවක කාර්ය මණ්ඩලය ඇතුළු අවදානම් සහිත ප්‍රදේශවල මෙම පරීක්ෂණ දිගින් දිගටම සිදු කෙරේ.  


එහෙත් රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නැති අතර ජනතාව තවදුරටත් අවධානයෙන් සිටිය යුතු අතර සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවද පබා පලිහවඩන මහත්මිය සඳහන් කළාය.