සම්බන්ධන්ගේ නිල නිවස තීන්දුවට කැබිනට් පත්‍රිකාවක්


(අජන්ත කුමාර අගලකඩ)  

හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට විපක්ෂ නායක නිල නිවස දිගටම පාවිච්චි කිරීමට ඉඩ දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් විමසීමක් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.  

 ඒ අනුව ඊට අද‌ාළ කැබිනට් සංදේශයක් ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.  සම්බන්ධන් මහතාට දී ඇති විපක්ෂනායක නිල නිවස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින නිල නිවසක් වුව ද එම නිවස දීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයෙන් කිසිදු නිරීක්ෂණයක් හෝ ලබාගෙන නැතැයි ඇමැති තෙන්නකෝන් මහතා කීවේය.  


 කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි බී 12 නිවස ආර්. සම්බන්ධන් මහතාට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස සිටිනතාක් රැඳී සිටීමට ඉඩදෙමින් ඔහුට පෞද්ගලික වනසේ කැබිනට් මණ්ඩල තීන්දුවක් මත ඉකුත් රජය විසින් ලබා දී ඇත.