සමගි ජන බලවේගයේ තනතුරු පිරවීම 15 වැනිදාට පෙර


(දයාසීලි ලියනගේ)  

සමගි ජන බලවේගය පක්ෂයට කෘත්‍යාධිකාරි මණ්ඩලය හා නිලධාරි මණ්ඩලය මේ මස 15 වැනි දිනට පෙර පත් කිරීමට තීරණය කර ඇත.   

ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක උපසභාපති, පර්යේෂණ ලේකම්, සංවර්ධන ලේකම්, නියෝජ්‍ය ලේකම් ඇතුළුව තනතුරු ගණනාවක් සඳහා අලුතෙන් පත් කිරීම් කරනු ලබන බව පක්ෂයේ මහ ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.   


මීට අමතරව කෘත්‍යාධිකාරි මණ්ඩලයට පුද්ගලයන් නම් කිරීම සිදුවන බවද මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.   


ඉදිරි මැතිවරණ කටයුතු වඩාත් විධිමත්ව පැවැත්වීම සඳහා පක්ෂයේ නිලධාරී මණ්ඩලය පත් කිරීමට තීරණය කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.