සමගි ජන බලවේගයේ සංවිධායකයන් හෙට පත්කරයි


(දයාසීලි ලියනගේ)   

සමගි ජන බලවේගය සඳහා ප්‍රථම වරට ආසන සංවිධායකයන් 100ක් හෙට (8) පත් කෙරේ.   


පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි බාරදීම සිදුවෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘ඉරිදා ලංකාදීප’යට කීය.   

මෙම පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනෑෂ් හෝටලයේ දී ආසන සංවිධායකවරුන්ට වැඩමුළුවක් ද පැවැත්වීමට සංවිධානය කර ඇති බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.   
සංවිධායකවරයකුගේ සේවාව හා වැඩ කටයුතු පිළිබඳව මෙහිදී ආසන සංවිධායකවරු දැනුවත් කරනු ලබන බව ද ඔහු කීය.