සමගි ජන බලවේගයේ ලාංඡනය ගැන තීරණය අද


(දයාසීලි ලියනගේ) 

සජිත් ප්‍රේමද‌ාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි ජන බලවේගයට හිමිවෙන ලාංඡනය සම්බන්ධයෙන් අද‌ (01) අවසන් තීරණයකට එළඹීමට හැකි වෙතැයි විශ්වාසයක් පවතී. 

 මෙම අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සමගි ජන බලවේගයට සහාය දක්වන සියලු පක්ෂ හා සංවිධානවල නායකයන් හා නියෝජිතයන් ගිවිසුමකට අත්සන් තබනු ලබන බව ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය. 


 සමගි ජන බලවේගයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව මෙහිදී සජිත් ප්‍රේමද‌ාස මහතා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.