සමගි ජන බලවේගයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක්


(නිමල කොඩිතුවක්කු)  

සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වෙන පරිදි මේ සතිය තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයක් ගොඩනැගීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.  

ඒ අනුව ජාතික සේවක සංගමයට සමාන වූ සමගි සේවක සංගමයක්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයට සමාන වූ රාජ්‍ය සේවා සමගි වෘත්තිය සමිති සම්මේලනයක්, අධ්‍යාපන සේවක සංගමයට සමාන වූ සමගි අධ්‍යාපන සේවක සංගමයක් සහ සමගි වතු කම්කරු සංගමයක් ගොඩනගන බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.  


 දැනට සහාය ලැබී ඇති වෘත්තීය සමිති ශක්තිමත් කරමින් මෙම කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද ඔහු පැවැසීය.