සතොස රාජ්‍ය බැංකු දෙකට කෝටි ගාණක් ණයයි


(අජන්ත කුමාර අගලකඩ)  

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව සහල් ආනයනය කිරීමට ලබාගෙන ඇති ණය වෙනුවෙන් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතුව ඇති හිඟ ණය මුදල රුපියල් කෝටි 526 ක් පමණ වන බව මුදල් අමාත්‍යංශ වාර්තා පෙන්වා දෙයි.  

ලංකා සතොස ආයතනය ලංකා බැංකුවට රුපියල් කෝටි 161 ක පමණ මුදලක් ද සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මහජන බැංකුවට රුපියල් කෝටි 365 ක පමණ මුදලක් ද හිඟ ණය වශයෙන් ගෙවීමට ඇතැයි එම වාර්තා සඳහන් කරයි.  


මෙම ආයතන දෙක 2017 වසරේදී සහල් ආනයනය කිරීම සඳහා ලංකා බැංකුවෙන් හා මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල් නොගෙවීම හේතුවෙන් මෙම හිඟ මුදල එකතු වී ඇතැයි වාර්තා වේ.  


මෙම සහල් ආනයනය කළ ආයතන දෙක සහල්වලින් පාඩු ලැබීම හේතුවෙන් මෙම ණය ගෙවා නැති බව ද එම වාර්තා සඳහන් කරයි.  


එම කෝටි ගණනක ණය බැංකු දෙකට ආපසු ගෙවීම සඳහා වසර 5 ක සහන කාලයක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ද ඉල්ලීමක් කර ඇත.