සතියකට ගව ඝාතන සීයක්


 

(දයාසීලි ලියනගේ)  

ගව ඝාතනය තහනම් කිරීමට රජය තීරණය කරනු ලැබුවත් අද වන විටත් සතිපතා ගවයන් 100 කට අධික ප්‍රමාණයක් රටපුරා ඝාතනය වන බව වාර්තා වේ.  

 මහනුවර දිස්ත්‍රික්කය තුළ පමණක් සතියකට ගවයන් 50 කට ආසන්න ප්‍රමාණයක් ස්ථාන 8කදී ඝාතනය කරනු ලබන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.  


බොහොමයක් ස්ථානවල ගව ඝාතනය සිදුකරන්නේ පොලිසිය දැනුවත්ව බව ද වාර්තා වේ.  
 රජය ගව ඝාතනය තහනම් කිරීමට තීරණය කර ඇතත් කිසිදු බලධාරියෙක් ඒ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සොයා බැලීම සිදු නොකරන බව ද සැලය.