සජිත්ගේ පක්ෂයේ නාමයෝජනා හෙට සිට


(අජන්ත කුමාර අගලකඩ)   

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම හෙට (16) සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.   

සමගි ජන බලවේගය දුරකථනය ලකුණ යටතේ දිවයිනේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ටම තරග කරන බවත් එහි අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.   


සෑම දිස්ත්‍රික්කයකටම තම පක්ෂයෙන් වෘත්තිය මට්ටමේ පිරිසක්ද ඉදිරිපත් කරන බව ඔහු කීවේය.