සජිත් විපක්ෂනායක තනතුරේ වැඩ බාර ගැනීම ලබන 3 වැනිද‌ා


(දයාසීලි ලියනගේ)  

සජිත් ප්‍රේමද‌ාස මහතා ලබන 3 වැනිද‌ා විපක්ෂ නායක තනතුරේ වැඩ බාර ගැනීමෙන් පසු පක්ෂ නායකයන් හා සංවිධාන පෞද්ගලිකව හමුවීමට තීරණය කර ඇත.  

 ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් හමුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කීය.  
මීට අමතරව පවතින අඩුපාඩුකම් හා ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවීමට සජිත් ප්‍රේමද‌ාස මහතා තීරණය කර ඇත.  


 පක්ෂ නායකත්වය පිළිබඳ ගැටළුවට පැහැදිලි විසඳුමක් ලබා ගැනීමට තීරණය කර ඇති සජිත් ප්‍රේමද‌ාස මහතා ඉදිරියටත් ආසන මට්ටමින් ඡන්ද‌ායකයන් හමුවීමට තීරණය කර ඇතැයි ද තිස්ස අත්තනායක මහතා කීය.