සජිත් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීම බද‌ාද‌ා


(නිමල කොඩිතුවක්කු) 

සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා ලබන බද‌ාදා (2) කොළඹ 7 මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය. 

වැඩ ආරම්භ කිරීමට පෙර අනිද්ද‌ා (1) යෙදෙන පොහොය දිනයේදී එම කාර්යාලයේදී ධර්ම දේශනාවක් පැවැත්වීමට ද කටයුතු යොද‌ා ඇත. මෙම අවස්ථාවන් සඳහා සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.