සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යන ලකුණු


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසු යම් පසුබෑමකට ලක්වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය යළි යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.  

ජුනි මාසයේ දී පමණක් විදේශ සංචාරකයින් 63072 දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා පැවසීය.  
එම අධිකාරියේ සංඛ්‍යා ලේඛන අනුව අප්‍රේල් මාසයේ දී සංචාරකයන් එක්ලක්ෂ හැටහය දහස් නවසිය හැත්තෑ පස් දෙනෙකු (1,66,975) පැමිණ ඇත.  


අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරයෙන් පසු ගතවූ මැයි මාසය තුළ එම සංචාරකයන්ගේ පැමිණීම තිස්හත්දහස් අටසිය දෙදෙනෙකු (37,802) දක්වා පහත වැටී තිබේ.  


කෙසේ වෙතත් ජූනි මාසය තුළ දී එම සංඛ්‍යාව හැටතුන්දහස් හැත්තෑ දෙදෙනකු (63,072) දක්වා ඉහළ ගොස් ඇතැයි එම අධිකාරිය පවසයි.  
ජූනි මාසයේ දී එක් දිනක දී පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙදහස (2000) ඉක්මවා තිබේ.