ශ්‍රීලනිප​යේ විසිතුන් දෙනා තීරණාත්මක සාකච්ඡා දෙකක


(අජන්ත කුමාර අගලකඩ)  

යහපාලන ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනාගේ කණ්ඩායම පසුගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙන වෙනම හමුවී වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තාවේ.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 23 දෙනාගේ කණ්ඩායමේ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විජිත් විජිතමුණි සොයිසා, මහින්ද අමරවීර, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම යන මැති ඇමැතිවරුන් ඇතුළු පිරිස් ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලින්ම හමුවී ඇත  


දැනට ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හා එය අවසන් කිරීමට ගතහැකි පියවර, ආණ්ඩු​වේ බහුතරය සකස් කිරීම ආදී කාරණා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි වාර්තා වේ.  


ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව එම සාකච්ඡාවට සහභාගි වූ මැති ඇමැතිවරුන් පිරිසක් පසුවදා උදේ විජේරාම නිවසටගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද හමුවී මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව දැන ගන්නට තිබේ. මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව එදිනම පෙරවරුවේ එම මැති ඇමැතිවරුන් පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාද යළි මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.