ශ්‍රීලනිපයේ වැදගත් තීන්දු ගන්න දේශපාලන මණ්ඩලයක්


(අජන්ත කුමාර අගලකඩ) 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වැදගත් දේශපාලන තීන්දු තීරණ ගැනීම සඳහා මධ්‍යම කාරක සභාවට ඉහළින් දේශපාලන මණ්ඩලයක් පිහිටුවීමට තීරණය කර ඇත. පක්ෂයේ සභාපතිවරයා නිල බලයෙන්ම දේශපාලන මණ්ඩලයේ සභාපති ධුරයට පත්වන අතර මහලේකම්වරයා එහි ලේකම්වරයා වශයෙන් නිල බලයෙන්ම පත්වනු ඇත. 

පහළොස් දෙනකුගෙන් යුතු දේශපාලන මණ්ඩලයේ සෙසු සාමාජිකයන් 13 දෙනා පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්ගෙන් තෝරා පත් කිරීමේ බලය පක්ෂයේ සභාපතිවරයාටම පැවරීමට ද එම පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව සභිකයන් 63 දෙනකුගෙන් පමණ සමන්විත වන බැවින් තීන්දු තීරණ ගැනීම අපහසු නිසා මෙම දේශපාලන මණ්ඩලය පත් කිරීමට තීරණය කර ඇත.