ශ්‍රීලනිපයේ පිරිසකට ආසන අහිමි වෙයි ?


අර්බුදය ඔඩු දුවයි  

(දේශපාලන වාර්තාකරු විසිනි)  
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත සැළකිය යුතු පිරිසකට ආසන සංවිධායකධුර අහිමිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

ඉදිරි දිනවලදී පක්ෂයට නව සංවිධායකවරුන් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඉකුත්දා පැවැසීය.  


පක්ෂයේ ආසන සංවිධායකවරුන් 30ක පමණ පිරිසක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනකු පමණ ද ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් ද දැනටමත් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළට එරෙහිව වෙනමම සංවිධාන ගතවීමට සැළසුම් කර ඇතැයි ද දැන ගන්නට තිබේ. මේ පිරිස පක්ෂයෙන් ඉවත්වනවා ද නැද්ද යන්න තවම දැන ගන්නට නැත.  
ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපතිවරයා ද ප්‍රකාශ කර සිටියේ ආවේගකාරී හා දුර්වල සංවිධායකයින් තනතුරුවලින් ඉවත් කර පක්ෂය ප්‍රතිසංවිධානය කරනු ලබන බවයි.