ශ්‍රීලනිපයේ ජනවේගය රැලිය හෙට කොළඹ දී


(දයාසීලි ලියනගේ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙයවීමෙන් ‘ජනවේගය’ ජනරැලිය හෙට (5) කොළඹ දී පැවැත්වේ.   

එදින රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වීවේදී පක්ෂයේ තනතුරුවල සංශෝධනයක් සිදුවන බව හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා කීය.   


‘ජනවේගය’ ජනරැලිය ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන අතර, අතිවිශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි ද ඔහු කීය.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ජනරැලිය ඇමතීමට නියමිතව ඇත.