ශ්‍රීලනිපයේ 68වැනි සමුළුව 3 වැනිද‌ා


(අජන්ත කුමාර අගලකඩ)  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්ද‌ා (03) සවස 2.00ට කොළඹ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.  

එදින ජනාධිපතිවරයා සංවත්සර උළෙල අමතා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි දැනගන්නට අත.  


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය කතාවේ දී සඳහන් කරනු ඇතැයි වාර්තා වේ.  


හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් 1951 සැප්තැම්බර් මස 2 වැනිද‌ා ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සංවත්සරය හෙටට (02) යෙදී ඇත.  


 ඒ අනුව 68 වන සංවත්සර උළෙල අනිද්ද‌ා කොළඹ සුගතද‌ාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ‘ලංකාදීප’යට පැවැසීය.