ශ්‍රීලනිප-පොහොට්ටු දීගයේ අවසන් තීන්දුව හෙට


(අජන්ත කුමාර අගලකඩ සහ දයාසීලි ලියනගේ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කරන්නේ ද යන්න හෙට (30) අවසන් තීරණයක් ගනු ඇත.   

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට රාත්‍රි 7.00ට මහගමසේකර මාවතේ පිහිටි සිය නිල නිවසට කැඳවනු ලැබ ඇත. 

 
දෙපාර්ශ්වය අතර මෙතෙක් පැවැති සාකච්ඡා බොහෝදුරට සාර්ථක බවත් ඒ අනුව එක්ව කටයුතු කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පක්ෂ දෙකේම ජ්‍යෙෂ්ඨයෝ සඳහන් කළහ.   


මේ අතර දෙපාර්ශ්වයේ එකඟතා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ද සති අන්තයේ දී හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.