ශ්‍රීලනිප ප්‍රාදේශීය දේශපාලකයින්ට ජනපති නියමයෙන් වැඩි බලතල


ඡන්දයට මුහුණ දීමට පිටපොට ගැසීමක්

(දයාසීලි ලියනගේ)  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයනට අවශ්‍ය සහන හැකිතාක් දුරට ලබාදීමට පියවර ගන්නා ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද‌ාළ බලධාරින්ට උපදෙස් දී ඇති බව වාර්තා වේ.  

ඒ අනුව ප්‍ර​දේශයේ සංවර්ධන කටයුතුවලට අමතරව රැකියා පහසුකම් ලබාදීමට ද පියවර ගෙන ඇත.  


 පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් සිය පාක්ෂිකයන් කීප දෙනෙකුට රැකියා අවස්ථා ලබා දීමට පියවර ගෙන ඇති අතර බොහොමයක් ආණ්ඩුකාවරු ප්‍රදේශයේ මන්ත්‍රීවරයා සමඟ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් අඩුපාඩු සොයා බලා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.  


 විශේෂයෙන් පාසල්වල අඩුපාඩු සොයා බැලීමේ කටයුතුවල යෙදෙන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇතැයි සඳහන් වේ.  


 ඉදිරි මැතිවරණයකට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ හිටපු ඇමැතිවරු කීප දෙනෙක් විටින් විට ප්‍රාදේශීය දේශපාලනඥයන් කොළඹ ගෙන්වා සාකච්ඡා කරනු ලබන බව ද වාර්තා වේ.