ශ්‍රීලනිප දෙපිල සමගි කරන වෑයම තවදුරටත්


(අජන්ත කුමාර අගලකඩ)  
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කිරීමේ සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

කණ්ඩායම් දෙක එකතු කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයින් පිරිසක් නිල නොවන මට්ටමින් සාකච්ඡා කරගෙන යන බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  


පළාත් පාලන මැතිවරණයේ දී දෙකට බෙදී තරග කළහොත් එමගින් දෙපාර්ශවයටම අවාසියක් සිදුවිය හැකි බැවින් අවම කොන්දේසි යටතේ හෝ එකට එකතු වී මැතිවරණයට තරග කළ යුතු බව සාකච්ඡාවලට නිල නොවන මට්ටමින් මැදිහත්ව සිටින දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස වී ඇතැයි දැනගන්නට තිබේ.