ශ්‍රීලනිප ඇමැතිවරුන් දිවුරුම් දීම ලබන සතියේ


(දයාසීලි ලියනගේ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ ඇමැතිවරුන් ගේ සංශෝධනය මේ සතියේදී සිදුවනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි 
මාර්ග සඳහන් කරයි.   

මෙම කැබිනට් සංශෝධනයේදි කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ කීපයක වෙනස්කම් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලාපොරොත්තු වෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් කීය.   


විශේෂයෙන් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ විවිධ ගැටුම්කාරි තත්ත්වයන් ඇති වූ අමාත්‍යංශ කීපයක වෙනස්කම් සිදුවනු ඇතැයිද සඳහන් වේ.