ශ්‍රීලනිප 16 සහ හිටපු ජනපති හමුවට තවමත් දිනයක් නෑ


(නාලක සංජීව දහනායක)  
ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙම හමුව සඳහා තවමත් නිශ්චිත දිනයක් හිමිවී නොමැති අතර ඉදිරි සති දෙක ඇතුළතදී මෙම හමුව සිදුවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයක් පැවැසීය.  


අඟහරුවාදා (15 වැනිදා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කෙරෙන බවද එම ප්‍රකාශකයා කීය.