ශ්‍රීලනිප නව නිලධාරීහු මහ නාහිමිවරුන් හමුවට


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ලබන 30 වැනිදා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැකීමට තීරණය කර ඇත.   

පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා පත්වූ අතර ඔවුන් ලබන 30 වැනිදා මුලින්ම දළදා වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගන්නා බව පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.   


පක්ෂයෙ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නිලධාරි මණ්ඩලය අනතුරුව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක පක්ෂයෙ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පක්ෂයෙ යෝජනා ද එහිදී මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමට අදහස් කරන බවත් හෙතෙම සඳහන් කළේය.   


මේ අතර නව නිලධාරි මණ්ඩලය සඳහා මාතලේ දී නේවාසික වැඩමුළුවක් ද පැවැත්වීමට ශ්‍රීලනිපය තීරණය කර ඇත.