ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේදී කටයුතු කළේ විනය ගරුකවයි


 

(දයාසිලි ලියනගේ)  
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව ඉතා විනය ගරුකව යුද්ධය මෙහෙයවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පකිස්ථානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකදී ප්‍රකාශකර ඇත.  


සිව් දින සංචාරයක් සඳහා පකිස්ථානයට ගිය හිටපු ජනාධිපතිවරයා එරට ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී දේශනයක් පවත්වා තිබිණි.  


ශ්‍රී ලංකාව යුද්ධයෙන් ජයග්‍රහණය කළ ආකාරය පිළිබඳව සිය දේශනයේදී පැහැදිලි කරදී ඇති මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය සම්බන්ධයෙන් තමන් දැඩි අවදානමක් ගත් බවද ප්‍රකාශ කර ඇත.  


යුද්ද සමයේදි පමණක් නොව යුද්ධයෙන් පසුවත් තමන් දැඩි අවදානමක් ගෙන තීන්දු තීරණ ගත් බවද ප්‍රකාශ කර ඇත.  


හිටපු ජනාධිපතිවරයාගේ පකිස්ථානු සංචාරයට විමල් වීරවංශ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු හා මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාද සහභාගිවූහ.