ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමක්


(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට මේ මස 22 වැනිදා අත්සන් කිරීමට නියමිතය.


ඒ සඳහා සිංගප්පූරු අගමැති ලී සින් ලුන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරාධනයක් මත මේ මස 22 වැනිදා දිවයිනට පැමිණෙනු ඇත. ඒ සමගම තායිලන්තය හා චීනය සමගද නිදහස් වෙළෙඳ ගිවිසුම් දෙකක් ඉදිරියේදී අත්සන් කිරීමට රජය සැලසුම් කරගෙන යන බව වාර්තාවේ.