ශ්‍රී ලංකන් හා සහායක සේවාවල දහසක් ඉවතට


(දයාසීලි ලියනගේ)  

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හා සහායක සේවාවල යෙදී සිටි 1000ක පමණ පිරිසක් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇත.  

ලබන වසරේ මාර්තු මාසය දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජය පතිරණ මහතා කීය.  


ආයතනයේ කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරමින් සිටි 400ක පිරිසක් හා ආයතනයට සම්බන්ධව සේවය කළ වෙනත් ආයතනවල සේවකයන් 600ක පිරිසක් මෙසේ තාවකාලිකව ඉවත් කිරීමට පාලන අධිකාරිය තීරණය කරනු ලැබූ බව ද විජය පතිරණ මහතා ප්‍රකාශ කළේය.  


මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ වැටුප සියයට 25කින් කපාහැරීමට සියලු වෘත්තීය සමිති එකඟ වී ඇති බව ද විජයපතිරණ මහතා කීය.  
ලබන වසරේ මාර්තු දක්වා මෙම වැටුප් කපාහැරීම සිදුවේ.