ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලුත් ආයෝජකයෙක්


(උපුල් වික්‍රමසිංහ)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ආයෝජනය කිරීමට කැමැත්තෙන් පසුවූ ටී.ජී.පී. (T.G.P)  නමැති ඇමෙරිකානු සමාගම ඉන් ඉවත් වීමට තීරණය කළද වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවන් සමග සාකච්ඡා කර  සුදුසු ව්‍යවසායකයකු සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංවර්ධනය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා “ඉරිදා ලංකාදීප” යට කීය.


 ඒ අනුව සාකච්ඡා පැවැත්වීමට සුදුසු ජාත්‍යන්තර ගුවන් සේවා රැසක් මේ වන විට හඳුනාගෙන ඇති බව කී අමාත්‍යවරයා කඩිනමින් ඒවා සමග සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවද සඳහන් කළේය.


 ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇතුළුව තවත් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය රැසක් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යවසාය ලෙස සංවර්ධනය කිරීමට අදාළ මූලික අදියරේ කටයුතු ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.