වෛද්‍ය කාර්ය මණ්ඩලයට දීමනා කපලා


(අසුන්තා එදිරිසූරිය)  

කොරෝනා වයිරසයට ප්‍රතිකාර කරමින් සිටි බස්නාහිර පළාතේ වෛද්‍ය, හෙද හා සුළු කාර්ය මණ්ඩලයට පසුගිය පෙබරවාරි මාසයේ සිට අතිකාල දීමනා රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සඳහා වන දීමනා ලබා දී නැති බව වාර්තා වේ.  

සෞඛ්‍ය සේවයේ නියුතු 15,000 කට අධික පිරිසක් මෙම අසාධාරණයට මුහුණ පා සිටින බව සඳහන් වේ. මේ සම්බන්ධයෙන් රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ ‘සුව විරුවන්’ ලෙස හඳුන්වනු ලැබූ සෞඛය ක්ෂේත්‍රයේ අයට දීමනා ලබා නොදීම බලවත් අසාධාරණයක් බවයි.