වෙසක් උළෙලට කොළඹ තොරණ 10ක්


 

(මහින්ද නිශ්ශංක)  
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී තෙමඟුල සිදු වූ අසිරිමත් වෙසක් උත්සවය නිමිත්තෙන් මෙවර කොළඹ නගරයේ දර්ශනීය තොරණ 10ක් ඉදිකර තිබේ.  

මෙයට අමතරව කොළඹ නගරයේ වෙසක් කලාප හයක් පැවැත්වේ.  


පිටකොටුව බෝධීන් වහන්සේ අභියස, පිටකොටුව බැස්ටින් මාවත, හුණුපිටිය ගංගාරාමය, පෑලියගොඩ නවලෝක, තොටළඟ, කොස්ගස්හංදිය, දෙමටගොඩ, කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අසළ, කොළඹ වරාය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති චෛත්‍ය පරිශ්‍රය, මෙම තොරණ ඉදිකර තිබෙන අතර අද (29) සිට එම තොරණ ප්‍රදර්ශනය කෙ​ෙර්.  


වෙසක් කලාප අතර හුණුපිටිය ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපය, වරාය කොළොම්තොට වෙසක් කලාපය, සිරස වෙසක් කලාපය, කොළඹ පුරහල වෙසක් කලාපය, බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය හා මරදාන විපුලසේන මාවත වෙසක් කලාපය ප්‍රධාන තැනක් ගනී.  


මෙයට අමතරව කටුනායක බෝධිරතනාරාමය, සීදූව සිරිසුගතාරාමය, ගම්පහ, පැපිලියාන, රාජගිරිය පොලිසිය අසල, රාගම දුම්රිය ස්ථාන අසළ ඇතුළු ප්‍රදේශ රැසක වෙසක් තොරණ හා වෙසක් කලාප පැවැත්වේ.