වෘත්තීය අධ්‍යාපනයට මග පෙන්වන ප්‍රදර්ශනය 3 වැනිදා


පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කෙරෙන ‘‘නයින්ටීන් ප්ලස්’’ (19+) නමැති අධ්‍යාපන ප්‍රදර්ශනයක් ඇරඹීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.  අධ්‍යාපන ඇමැති හා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අදහසක් අනුව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනින් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමත් සමග තෘතියික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන වැඩසටහන් කරා යොමුවන අයුරු සිසුදරුවන් ඇතුළු වැඩිහිටියන් දැනුම්වත් කෙරේ.  


පළමු ප්‍රදර්ශනය ඔක්තෝබර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.