විශේෂ තේරීම් කාරක සභාවට පක්‍ෂ කීපයකම මතභේද


(දයාසීලි ලියනගේ) 
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිසා ප්‍රධාන දේශපාලන පක්‍ෂ කීපයක අභ්‍යන්තර ගැටුම් හා 
මතභේද ඇතිවී තිබෙන බව වාර්තා වේ. 

විශේෂයෙන් ප්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂයක ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙක් මෙම තේරීම් කාරක සභාවට විරෝධය දක්වා පසුපෙළ මන්ත්‍රීවරු ගණනාවක් මෙහෙයවා ඇති බවට සඳහන් වේ. මීට අමතරව ජනාධිපතිවරයා විදේශ ගතවීමට පෙර නිතර නිතර හමුවී සාකච්ඡා කර ඇති බවද දැනගන්නට ඇත. 


පෞද්ගලික කරුණු මූලික කර ගනිමින් මොවුන් තිදෙනා ජනාධිපතිවරයාට පක්ෂපාතීව ක්‍රියා කරන බවද දැනගන්නට ඇත. ප්‍රධාන පෙළේ තවත් පක්‍ෂයක මන්ත්‍රීවරු පිරිසක් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට රජය ක්‍රියා නොකළ ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් විය යුතුය යන මතයේ සිටින අතර එම පක්‍ෂයේ තවත් පිරිසක් බුද්ධි අංශ නිලධාරින් මෙම කමිටුව හමුවට කැඳවීම නොකළ යුතු බව ප්‍රකාශ කර සිටින බවද කියයි.