විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිදිමතේ !


මහජන පැමිණිලි කොමසාරිස්

(දයාසීලි ලියනගේ)  
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉතා මන්දගාමී ස්වරූපයකින් කටයුතු කරන බව ඔම්බුඩ්ස්මන් එල්.ඒ. තිස්ස ඒකනායක මහතා සඳහන් කරයි.  

පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලයට ලැබෙන විවිධ ගැටලු අතර විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලු ප්‍රධාන තැනක් ගෙන ඇත.  


විශ්‍රාම වැටුප සම්බන්ධ විවිධ වූ ගැටලුවලට අදාළ පැමිණිලි 500 කට අධික ප්‍රමාණයක් ලැබී ඇතත්, ඒවා සම්බන්ධව වාර්තා කැඳවීමේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉතා මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කරන නිසා සිහිකැඳවීම් ගණනාවක් කිරීමට සිදුවී ඇතැයි ඔම්බුඩ්ස්මන් එල්.ඒ. තිස්ස ඒකනායක මහතා සඳහන් කරයි.  


එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව දැනුවත් කිරීමෙන් ද ප්‍රතිඵල රහිත වන අතර එම තත්ත්වය මගහැරීමට කිසිම උනන්දුවක් හෝ ගනු ලබන බවට පැහැදිලිව නොපෙන්වන බව ද සඳහන් කරයි.