විරෝධතා දැක්වූවාට නඩු ද‌ානවා නම් ඒත් අපි ලෑස්තියි


 සිවාජිලිංගම් 

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

යුද අපරාධ, මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තරයට කරුණු දැක්වීමේදී කළ විරෝධතාවලට සහභාගි වූවන්ට නඩු පවරන්නේ නම් ඊට මුහුණ දීමට සූද‌ානම් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.  

 තමන් ඇතුළු ඊට සහභාගි වූ පිරිස පෙනී සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් බවත් තමන්ට ඒ සඳහා අයිතියක් ඇති බවත් ඔහු සඳහන් කළේය.  


අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ නම් ඊට මුහුණ දීමට තමන් සූද‌ානම් බවත් ඒ සඳහා අධිකරණය ස්වාධීනව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසීය.