විමල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර විස්සයි


(ප්‍රසන්න සංජීව තෙන්නකෝන්) 

කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 20ක් සැපරීම වෙනුවෙන් ‘විසි වසක වීර වංශය - ජාතිකවාදී දේශපාලනයේ පුනරාවලෝකනය’ නමින් උපහාර උළෙලක් ලබන 22 වැනිදා පස්වරු 4ට නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උපහාර උළෙලට ආගමික නායකයන්, මැති ඇමැතිවරුන්, විද්වතුන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වන බව සංවිධායකයෝ පවසති.