විපක්ෂයේ සංවිධායකවරයාට නියෝජ්‍ය ඇමැති වරප්‍රසාද


(දයාසීලි ලියනගේ)   

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංවිධායකවරයාට ප්‍රථම වතාවට වරප්‍රසාද ලබාදීමට යයි. ඒ අනුව විපක්ෂයේ සංවිධායකවරයාට නියෝජ්‍ය ඇමැතිවරයකුට හිමි වරප්‍රසාද ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන බව රජයේ ප්‍රකාශකයෙක් කීය.   

පාර්ලිමේන්තුවේ කාර්යාලයක්, කාර්ය මණ්ඩලයක් හා වාහන පහසුකම් ලබාදීමට යෝජනා කරනු ලබන බවද ඔහු ප්‍රකාශ කළේය.   


වර්ෂ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබිමෙන් පසු මෙතෙක් කාලයක් විපක්ෂයේ සංවිධායකවරයාට වරප්‍රසාද හිමි නොවීය. ඔහුට වරප්‍රසාද හිමිවෙන පළමු අවස්ථාව මෙය වෙයි.